Tuesday, September 24, 2024

ළහිරැ තිරිමාන්න හදිසියේම ගත් තීරණය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා ඇත.

ඔහු සදහන් කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නොහැකි බවයි.

ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

ළහිරු තිරිමාන්න තැබූ සටහන මෙසේය…

මම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බවට පළ වූ ලිපි කිහිපයක් මම දැක්කා. මට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මම දැන් මගේ වෘත්තීය ජීවිතයේ ඉතා හොඳ අවකාශයක සිටින බව මට හැඟෙන බැවින් මට විශ්‍රාම යාමට අදහසක් නැහැ.

නමුත් නොසිතු ලෙස මට බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය අහිමි වෙනවා.

අලුත උපන් බිළිඳා පිළිගැනීම වෙනුවෙන් අපි පවුලක් ලෙස මේ මොහොතේ එකට සිටිනවා.

නමුත් මම ඉතාමත් ඉක්මනටම ශ්‍රී ලංකාව වර්ණවත් කිරීමට එක්වනවා.

සියලුදෙනාගේ සුබ පැතුම් වලට ස්තූතියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles