නවසීලන්තය පරදවා 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වෙයි

0
509

අද දින පැවැති නවසීලන්ත- ඕස්ට්‍රේලියා, 20-20 ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔිස්ට්‍රේලියාව සමත් විය.

අවාසනාවන්ත නවසීලන්ත කණ්ඩායමට කඩුලු 4ක් දැවී රැස්කරගත් ලකුණු 172 තුළ නායක කේන් විලියම්සන්ගේ ලකුණු 85 ශක්තියක් වී තිබුණි.

නමුත් පිටියට බට ඕසට්‍රේලියානු කණ්ඩායම පහසුවෙන් මේ ඉලක්කයට ලගාවූයේ ඕවරයකුත් පන්දු කිහිපයක් ඉතිරිව තිබියදීය..

කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 172 රැස්කළ අතර ඔිස්ට්‍රේලියාව එම ඉලක්කය පන්දුවාර 18 යි පන්දු 05 තුළදී පසුකර ගියේ කඩුලු 02 පමණක් දැවී තිබියදීයි.

ඔිස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77 ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 55 රැස්කළා.

ICC ය විසින් පවත්වන ලොව ප්‍රධානතම Limited Overs ශුරතා ත්‍රිත්වයම ජයගත් 5 වැනි රට ඔිස්ට්‍රේලියාව වේ.

ODI World Cup – 5
Champions Trophy – 2
T20 World Cup – 1

ඒ අනුව ලොව විශිෂ්ටතම ක්‍රිකට් රාජ්‍යය තමන් බව ඔිස්ට්‍රේලියානුවන් අද නැවතත් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here