ශ්‍රී ලංකා පාපන්දු පිල අගමැති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

0
361

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (16) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්විය. එම තරගය නිමාවට පත්වූයේ ගෝල 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායට ජය හිමි කරදෙමින්.

මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට වසීම් රසීක් සමත් වුණා. ඒ තරගයේ 24 වන විනාඩියේදී.

තරගයේ 72 වන විනාඩියේදී බංග්ලාදේශයේ ජුවෙල් රානා තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ 90+1 වන විනාඩියේදී හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට වසීම් රසීක් සමත් වීමත් සමඟ ගෝල 2-1 ලෙස තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා ලෙස වසීම් රසීක් සම්මාන දිනා ගැනීමට සමත් විය.

එම ජයග්‍රහණය සමඟ මෙම සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සීෂෙල්ස් කණ්ඩායම සමඟ තරග වැදීමට අවස්ථාව හිමි වුයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර පැවැත්වෙන අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන අවසන් මහා තරගය ලබන සිකුරාදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here