Monday, December 23, 2024

ඇමති ලොකුගේට කොරෝනා.. රෝහල්ගත කරයි

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

1943 උපන් ලොකුගේ මහතා වයස 78 පසුවන අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන වයෝවෘද්ධම දේශපාලකයින් අතරින් කෙනෙකි.

කොරෝනා වසංගතය තුන්වන රැල්ල ආසන්නයේ පිළියන්දල ප්‍රදේශය ලොක්ඩුවන් කිරීම සම්බන්ධයෙන් ලොකුගේ මහතා සම්බන්ධ කතාබහක් ඇතිවූ අතර ඒ දිනවල ඔහුගේ නිවසේ කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුට වෛරසය ආසාදනය වූ බවටද වාර්තා පැවතිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles