ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට

0
527

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 187 කින් ජය ගැනීමත් සමඟයි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය මෙය වන අතර තරඟය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් හිමිව තිබෙනවා.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ද ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට සියයක් වන අතර ඒ අනුවයි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here