ආයුධ පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

0
313

“සන්ෂයින් සුද්දා” ඝාතනය සහ තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරුවෙකු වන හේවාලුණුවිලගේ ලසන්ත හෙවත් “ටින්කර් ලසන්ත” කළුතර, දියගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අද අලුයම (26) පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමරුවෙකදී මිය ගොස් ඇති බව වාර්තා වෙි.

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය පවසනවා.

ඔහු සැඟවූ අවි පෙන්වීමට පොලිසිය සමග ගිය අවස්ථාවේ පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කර අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කර ඇත.

පොලිස් රැඳවුම් භාරයේ සිටි ඔහු ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ දී පොලිසියට වෙඩිතබා ඇති අතර එහිදී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් මියගොස් තිබුණා.

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here