අයින්ස්ටයින්ගේ අත්පිටපතක් ඩොලර් මිලියන 15කට පැරිස් නුවරදී වෙන්දේසි වෙයි

0
622

ජර්මානු ජාතික සුප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් සිය අධ්‍යයනයක් සම්බන්ධයෙන් ලියන ලද අත්පිටපතක් එක්සත් ජනපද ඩොලර් මිලියන 15ක මුදලකට අලෙවි වී ඇතැයි වාර්තා වෙයි. 

පැරිස් නුවර Christie’s වෙන්දේසි මන්දිරයේදී පසුගියදා මෙම අලෙවිය සිදුව තිබේ.  පිටු 54කින් සමන්විත මෙම අත්පිටපත ඔහුගේ සාපේක්ෂතා නියමය පිළිබඳව සිදුකළ ගණනය කිරීම් ඇතුළත් ලියකියවිලිවලින් සමන්විත වන බව පැවසෙයි. ඒ අනුව මෙය ඉතාමත් දුර්ලභ අත්පිටපතක් ලෙස හඳුනාගෙන තිබේ. වාර්තාවලට අනුව මෙවැනි අත්පිටපත් දෙකක් ලොව පවතින අතර, ඉන් එකක් මෙලෙස පැරිසියේදී වෙන්දේසි වී තිබේ. වෙන්දේසි සමාගමට අනුව මෙම අත්පිටපත් ඩොලර් මිලියන 2.4ත් 3.5ත් අතර මිලකට අලෙවි වෙතැයි අපේක්ෂා  කළද එය මෙලෙස ඩොලර් මිලියන 15ක් දක්වා ඉහළ නැග තිබේ. දුරකථනය හරහා වෙන්දේසියට ඉදිරිපත් වූ නමක් සඳහන් නොකළ පුද්ගලයෙකු විසින් මෙම මිලදී ගැනීම සිදුකර ඇතැයි සඳහන් වෙයි.

Gossiplankanews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here