කොළඹ පරදා යාපනය ජයගනී

0
847

LPL තරගාවලියේ කලම්බෝ කිංග්ස් සමග පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් සමත් වුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 207ක් ලබා ගත්තේය.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නායක තිසර පෙරේරා  නොදැවී ලකුණු 57ක් රැස් කළ අතර ෂොයිබ් මලික් ලකුණු 47ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කලම්බෝ කිංග්ස් කන්ඩායමට පන්දු වාර 15යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

ඒ අනුව, කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රියංජන් ලකුණු 35ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 28 රැස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here