19 න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලිය 23 වැනිදා

0
536

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මේ මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ ක්වේට් රාජය්‍ය ‘බී’ කාණ්ඩය යටතේද තරග වැදීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩයේ සියලූ තරග අන්තර් ජාතික ක්‍රීකට් විද්‍යායතනයේ ක‍්‍රීඩාංගණ දෙකකදී පැවැත්වේ. එක් තරගයක් හැරුණු කොට ‘බී’ කාණ්ඩයේ සෙසු තරග සියල්ල පැවැත්වීමට නියමිතව ඇත්තේ සාජා ‍ක්‍රීකට් ක්‍රීඩාංගණයේදීය.

අවසන් මහ තරගය 31 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here