පරිගණක ක්ෂේත්‍රයෙන් චීනයට බරපතළ චෝදනාවක්.

0
625

ලෝකයේ සයිබර් ආරක්ෂණ ආයතන ගණනාවක් සහ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් චීනයට බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.

ඒ චීන රජයේ අනුග්‍රහය ලබන හැකරුන් විසින් ලෝකයේ සයිබර් මෟදුකාංග සහ පරිගණක පද්ධති ගණනාවක් ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාර එල්ල කරන බවටයි.

මේ පිළිබද පිළිගත හැකි සාක්ෂි ගණනාවක් ලැබී ඇති බවත් මෙය ලෝකයේ සමස්ත පරිගණක භාවිතයටම තර්ජනයක් බවත් එම ආයතන මගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙම තත්වය ලෝක ආර්ථිකයට දැඩි අහිතකර බලපෑම් ඇති කරන බවටද අදාළ ආයතන චෝදනා කරයි.

මෙම තත්වය වෙනස්,කිරීම සදහා ජාත්‍යන්තර ප්‍රජාව පෙරට ආ යුතු බව ද එම ආයතන අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here