ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ අවසන් වටයේ පළමු තරඟය කඩුළු 06කින් ජය ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Stars කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් Colombo Stars කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබා ගැනීමට සමත් වුණා.
නායක ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 50යි.
ජනිත් ලියනගේ නොදැවී ලකුණු 56යි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ දඹුලු ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05 කදී කඩුළු 04කට ලකුණු 146ක් ලබා ගනිමින් තර්ඟයේ ජයග්රාහී ඉලක්කය පසුකරමින් ජය තහවුරු කරගනු ලැබුවා.