Friday, September 20, 2024

Jaffna Kings කණ්ඩායම LPL අවසන් මහා තරඟයට

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Jaffna Kings කණ්ඩායම හා Dambulla Giants කණ්ඩායම අතර පැවැති තරඟය ලකුණු 23 කින් ජය ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Giants කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Giants කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 187 ක් පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 100 යි.

එය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ශ්‍රි ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් 
පළමු ශතකය මෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් එකේ දෙවෙනි ශතකය මෙන්ම ලාංකිකයෙක් වාර්තා කළ  පළවෙනි ශතකයද වෙයි.

ඒ අනුව තරගයේ වීරයා බවට මෙවර LPL තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු පත්විය.

චාමික කරුණාරත්න ලකුණු 75 යි.

විශේෂ කාරණය නම් ගිය වසරේ තරගාවලියේ ද අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ මේ කණ්ඩායම් දෙකම වීමයි. Jaffna කිංග්ස් කණ්ඩායම ගියවර ශූරයන් බවට පත් විය.

භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල අතර අවසන් මහ තරගය සූරියවැව ක්‍රීඩාංගණයේදී හෙ (23) රාත්‍රී පැවැත්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles