හර්බජන් සිං ක්‍රිකට් දිවියට සමු දෙයි

0
449

ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං සියළු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මීට පෙර අන්තර්ජාතික ක්‍රීඩාවෙන් සමුගෙන සිටියත්, IPL තරඟාවලියේදී කල්කටා නයිට් රයිඩර්ස් පිල නියෝජනය කරමින් පසුගියදා ක්‍රීඩා පිටියට පිවිසි බැවින් සිය නිවේදනය නිකුත් කිරීමට ප්‍රමාද වූ බවයි.

41 හැවිරිදි හර්බජන් සිං ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 103කට, එක්දින තරඟ 236කට සහ 20-20 තරඟ 28කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ටෙස්ට් කඩුළු 417ක්, එක්දින කඩුළු 269ක් සහ 20-20 කඩුළු 25ක් දවාලීමට සමත් වී තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දීය පිල නියෝජනය කරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව 2016 මාර්තු 3 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති ආසියානු කුසලාන තරඟයකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here