ජනවාරි 05 සිට බස් ගාස්තු ඉහළට

0
385

එළඹෙන ජනවාරි 5 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රු:17 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ යනු ඇත.

එම තීරණය ලබන බදාදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඒ අනුව මේවන විට රුපියල් 14ක් වන අවම ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ලංගම සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ගාස්තුව ද ජනවාරි මස 5 වනදා සිට සියයට 17කින් ඉහළ යනු ඇත.

බස් සංගම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා මඟී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි මෙම තීරණයට එළඹ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here