Thursday, November 14, 2024

ක්වින්ටන් ඩී කොක් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් හදිසියේම ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඒ් සිය පවුලේ සාමාජිකයින් සමගින් වැඩිපුර කාළය ගත කිරීම වෙනුවෙනි. ඩි කොක්ගේ බිරිඳ ඉදිරි දින කිහිපය තුළදී සිය පළමු දරු ප්‍රසූතියට සූදානම් වන අතර ඒ හේතුවෙන් ඩි කොක් ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරගවලින්ද ඉවත්වීමට නියමිතව සිටියේය.

ඔහුගේ මෙම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ද තහවුරු කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් පසු කුවින්ටන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරග දෙකට කුවින්ටන් ඩී කොක් සහභාගී වන්නේ නැහැ.

කුවින්ටන්ගේ බිරිඳ සාෂා ලබන සතියේ ඔවුන්ගේ පළමු දරුවා ප්‍රසූත කිරීමට සුදානමින් සිටින අතර සිය පවුලට ප්‍රමුඛස්ථානය ලබාදීමේ අරමුණින් ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

වර්ණභේද වාදයට එරෙහිව දණ නැමීමට අකමැති වීම හේතුවෙන් කුවින්ටන් ඩී කොක් පිළිබඳව නිමා වූ 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත් අවසානයේ දී වර්ණභේද වාදයට එරෙහිව දණ නැමීමට විස්සයි විස්ස ලෝක කුසලාන පිටියේ දී ඔහුට සිදුවුණා.

කෙසේ වෙතත් ඔහු ඉන් අනතුරුවද නිත්‍ය වශයෙන්ම ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර එක්දින හා පන්දුවාර 20 අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කර ඇති බව දන්වා ඇත.

ඕස්ට්‍ර්ලියාවට එරෙහිව 2014 වසැරේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගන්නා කුවින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන අංශ ත්‍රිත්වයේම නිත්‍ය කඩුළු රකින්නා හා ප්‍රහාරාත්මක පිතිකරුවෙකුද වන කොක් ටෙස්ට් ඉනිම් 91 කදී ශතක 6 ක් හා අර්ධ ශතක 22 ක් සමගින් රැස් කරගෙන ඇති සමස්ථ ලකුණු සංඛ්‍යාව 3300 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles