ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
භානුක රාජපක්ෂ ට අමතරව ඇන්ජලෝ පෙරේරා ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත්තේ නව ශාරීරික යෝග්‍යතා මිනුම් ක්‍රම සම්බන්ධයෙන් ඇති ගැටලුවක් හේතුවෙන් බවයි.
ඒ අනුව එම විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නො හැකි වනු ඇති බවයි.
අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේරා විසින්ද අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂ විසින්ද මෙහෙයවනු ලැබුවා.