කෝලි ටෙස්ට් නායකත්වයෙනුත් ඉවත් වෙයි

0
319

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ද ඉවත් වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී පැවැති ටෙස්ට් තරගාවලිය කඩුලු 7කින් පරාජයට පත්වීමෙන් දිනකට පසු වහාම ක්‍රියාත්මක වන පරිදි විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් මෙලෙස ඉවත්වී තිබේ.

මීට පෙර ඔහු එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් නායකත්වයන්ගෙන් ද ඉවත් වී තිබුණි.

එම්එස් දෝනි ඕස්ට්‍රේලියාවේදී විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කළ 2015 මුල් භාගයේදී කෝලි පූර්ණ කාලීන ටෙස්ට් නායකයා ලෙස වැඩ භාර ගත් අතර එතැන් සිට එම භූමිකාව දරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here