එළඹෙන ඕනෑම මැතිවරණයකදී වෙනමම සන්ධානයක් ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ බව පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුම්වලට එළඹි කිසිදු පාර්ශ්වයක් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව හිටපු මහලේකම්වරයා සඳහන් කළේය.
ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසීය.