Friday, May 3, 2024

ජීවානුහරණය කළ කතාව නොමග යැවීමක් ; මෙරටට ගෙන්වීමට නියමිත පොහොර පැටවූ නැව ගැනත් සැකයක් ?

මෙරටට ගෙන්වීමට නියමිත පොහොර පැටවූ නැවේ ඇති පොහොරවල සාම්පල් විදේශ පරීක්‍ෂණාගාරයකදී පරීක්‍ෂා කළ ද එම පොහොර ගොඩ බෑමට පෙර මෙරට ශාක නිරෝධායන ආයතනයෙන් පරීක්‍ෂා කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසීය.

සිංගප්පූරුවේ ශාක ආරක්‍ෂක නිරෝධායන අණපනත් හා මෙරට ශාක ආරක්‍ෂණ නිරෝධායන අණපනත් අතර පොදු නිර්ණායක නොමැති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙරට ශාක නිරෝධායන ආයතනයේ පරීක්‍ෂණයකින් තොරව පොහොර ගෙන්වීමේ ක්‍රියාදාමයෙන් කිසියම් යටි කුමන්ත්‍රණයක් තිබිය හැකි යැයි ද ඔහු අවධාරණය කළේ ය.

චීන කාබනික පොහොර ජීවානුහරණය කොට මෙරටට ගෙන්වන බව රජය ප්‍රකාශ කළ ත් කාබනික පොහොර ජීවානුහරණය වී ඇති බැවින් අමුතුවෙන් ජීවානුහරණය කිරීමක් අවශ්‍ය නොවන බව ද තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

මෙලෙස ආනයනය කරනු ලබන පොහොරවල ආක්‍රමණශීලී බැක්ටීරියා වර්ග අඩංගු වුවහොත් එයින් මෙරට පසේ පවතින වගාවට හිතකර බැක්ටීරියා වර්ග හා පාංශුගත ජීවීන් මුළුමනින් ම විනාශ වන බව ද සභාපතිවරයා පැවසීය.

මහවැලි යෝජනා ක්‍රමය ඔස්සේ මීට පෙර අවස්ථාවලදී ඉපිල් ඉපිල්, ෆයිනස් වැනි ආක්‍රමණික ශාක මෙරටට සංක්‍රමණය වීමෙන් මෙරට පාරිසරික පද්ධතිය විනාශ වූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මව්බිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles