ඉන්ධන නොමැතිකමින් සපුගස්කන්ද හා කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර දෙකක් නවතියි

0
280

ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ මෙගාවොට් 63 ක විදුලි උත්පාදන යන්ත්‍රයක් නතර කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට ආරම්භ කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 63 ක විදුලි ජනන යන්ත්‍රයක් ද ඉන්ධන නොමැතිවීම හේතුවෙන් නතරවී ඇති අතර එයටද ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් සැපයීම සිදු කරන බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here