Saturday, September 21, 2024

ICC ලෝක ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ 2021 ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී  ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණරත්න නම් කර තිබේ.

අයි.සී.සී. වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (2021) ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් අද (20 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමේදී හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා නායක මෙන්ම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නද ඇතුළත් වේ.

වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ට හිමිව තිබේ. ඔහු හැරෙන්නට තවත් නවසීලන්ත ක්‍රිඩකයකු ඊට ඇතුළත් වේ. ඔහුගේ නායකත්වය යටතේ පසුගිය වසරේ පැවැති ටෙස්ට් ලෝක ශූරතාව නවසීලන්තයට දිනා දීමටද විලියම්සන්ට හැකි විය.

ඉන්දියාව සහ පාකිස්තානය නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින්ද, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කරමින් ක්‍රීඩකයකු බැගින්ද වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටිති. කෙසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ, ඇෆ්ඝනිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය කණ්ඩායම් නියෝජනය කරමින් ඊට කිසිදු ක්‍රීඩකයකු ඇතුළත් නොවේ.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලෝක කණ්ඩායමේද ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර පසුගිය වර්ෂය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ඔහු තරග 7 කදී ශතක හතරක් සමඟින් ලකුණු 902 ක් ලබා ගෙන ඇත. ගෙවීගිය වසරේදී දිමුත්ගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 69.38 කි.

බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ හිදී ලබාගත් ද්විත්ව ශතකයත්, ජොහැන්නස්බර්ග්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ශතකයත් ඔහුගේ අමතක නොවන ඉනිම් අතරට ඇතුළත් විය. එම දක්ෂතා හේතුවෙන් ඔහු වසරේ අයි.සී.සී ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය සඳහාද නිර්දේශ විය.

දිමුත් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර නවසීලන්තයේ කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ.

ලෝක ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුණාරත්න, රෝහිත් ෂර්මා, මානස්  ලබුෂේන්, ජෝ රූට්, කේන් විලියම්සන් (නායක), ෆාවඩ් අලාම්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), ආර්. අශ්වින්, කේල් ජැම්සන්, හසන් අලී, ශාහීන් අෆ්රිඩී

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles