මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් ශ්‍රී ලංකාවට වාහන සහ උපකරණ ප්‍රදානයක්

0
394

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය විසින් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදීයි.

ලෑන්ඩ් කෲසර් වර්ගයේ වාහන 28 ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කැනර් ඒකකයක් ඇතුලු රුපියල් මිලියන 700 ක උපකරණ තොගයක් එලෙස ප්‍රදානය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම වාහන සහ උපකරණ ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here