වනිඳුගේ මිල ඉන්දීය රුපියල් කෝටි 10 පනිද්දී වෙන්දේසිකරු සිහි නැතිව ඇද වැටෙයි!

0
564

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉහළ ඉල්ලීමක් ලැබී තිබේ.

නමුත් ඔහු වෙන්දේසි කරමින් සිටියදී එම වෙන්දේසි කරුවාට හදිසියේ රෝගාතුර තත්ත්වයක් මත ඇදවැටීම නිසා වෙන්දේසිය නැවතී තිබුණි.

වෙන්දේසිය මෙහෙයවූ ඔහු නමින් Hugs Edmeads ය.

මේ වනවිට පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් දස කෝටි හැත්තෑපන් ලක්ෂයකට තම කණ්ඩායම සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

බැංගලෝර්හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට මෙම ලන්සුව ඉදිරිපත් වූ අතර, විදේශීය ක්‍රීඩකයෙකු මෙම වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි දහයේ සීමාව ඉක්මවා අලෙවි වූ පළමු අවස්ථාව ද මෙයයි.

ක්‍රිකට් ලෝකයේ අංක 01 20-20 පන්දු යවන්නා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 1075කට මිලදී ගැනුණා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (12) ඉන්දියාවේදී ආරම්භ වූ අතර, මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙක් ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here