වනිදු ශ්‍රේණිගත කිරීම්වල පහළට

0
537

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පන්දුයවන්නන් අතර පළමු ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග එහි 3 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද (16) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි.

වනිදු විස්ස විස්ස පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ 5 වන ස්ථානයේයි. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් හි පන්දු යවන්නන් අතර පලමු ස්ථානයේ පසුවන දකුනු අප්‍රිකාවේ ටැබ්රිස් ශබ්සි.

දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජෝස් හේසල්වුඩ්ට හිමිව ඇත.

මේ අතර මහීෂ් තීක්ෂණ ස්ථාන 16 ක් ඉදිරියට පැමිණෙමින් T20 පන්දු ‍යවන්නන් ගේ ශ්‍රේණිගතකිරීම් අනුව 29 ස්ථානයට පත්ව තිබෙනවා.

එමෙන්ම පැතුම් නිශ්ශංක දැනට පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තරගාවලියේදි දැක්වු දස්කම් පදනම් කරගනිමින් ස්ථාන 42 ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම් වල 21 වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ග්‍රේණිගත කිරීම වල 8 වන ස්ථානයේ පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here