පස්වන තරගයේ
ජය ශ්‍රී ලංකාවට ජය ! තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්

0
592

ඔස්ට්‍රෙිලියාවට එරෙහි 05 වන පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක් හිමිවුණා.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙිලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 154 කි.

මැතිව් වේඩ් නොදැවී 43 ක්ද , ග්ලෙන් මැක්ස්වෙල් ළකුණු 29 ක්ද රැස්කළා.

දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක් ද ළහිරු කුමාර ළකුණු 34 කට කඩුලු 02 ක්ද බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජය ගැනීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 69 ක් ලබාගත් අතර MCG හීදි T20Is ඉනිමක වැඩිම ලකුණු රැස් කළ ආසියානු පිතිකරුවා බවට පත්වන්නට කුසල් මෙන්ඩිස් අද සමත් විය.

මීට පෙර MCG හීදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම T20Is ලකුණු රැස් කල පිතිකරුවා වූයේ මහේල ජයවර්ධනයි (61).

නායක දසුන් ශානක 35 ක් ද චරිත් අසලංක 20 ක්ද රැස්කළා.

කේන් රිචර්ඩ්සන් ලකුණු 28 ට කඩුලු 02 යි.

අෂ්ටන් අගාර් ලකුණු 19 ට එක් කඩුල්ලක් දවා ගත්තා.

කමිල් මිෂාර සහ ජනිත් ලියනගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගනු ලැබුවා.

මේ අනුව සත්කාරක ඔස්ට්‍රෙිරලියාව 4-1 ක් ලෙස තරගාවලිය ජයගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here