යුක්‍රේනයේ හොස්ටෝමෙල් ගුවන් තොටුපොළේ පාලනය රුසියානු හමුදා අත්පත් කරගනී

0
283

රුසියානු හමුදා යුක්රේනයේ අගනුවරට ප්‍රදේශ කිහිපයකින් ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර කියෙව් නගරය ආරක්ෂා කර ගැනීම සඳහා යුක්‍රේන හමුදා රථ නගරයේ යොදවා ඇති බවද වාර්තා වනවා.

යුක්‍රේන රජය කියෙව් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නගරය ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු හමුදාවන්ට එරෙහිව හැකි සෑම දෙයක්ම සිදු කරන ලෙසයි.

මේ අතර ලොව විශාලතම ගුවන් යානා වන ඇන්ටනොව් වර්ගයේ යානා ගොඩ බැස්විය හැකි යුක්‍රේනයේ කියෙව් අගනුවර ආසන්නයේ පිහිටි හොස්ටෝමෙල් ගුවන් තොටුපොළේ පාලනය රුසියානු හමුදා අත්පත්කර තිබෙනවා.

මෙම ගුවන්තොටුපොළ අල්ලා ගැනීම සදහා රුසියාව විසින් යුද හෙලිකොප්ටර් යානා 200ක් පමණ යොදාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here