Monday, May 20, 2024

IOC ඉන්ධන මිල ඉහළට

ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දමයි. අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඩිසල් රු.15කින් , පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇත.

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

සංශෝධිත නව මිල ගණන්වලට අනුව LIOC ඔක්ටෙින් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 ක් වන අතර ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ලංකා අයි.ඕ.සී සමාගම විසින් පසුගිය 06 වනදා ද ඉන්ධන මිලගණන් ඉහළ දැමූ අතර මෙම මාසය තුළ දෙවරක් ඔවුන් විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ලංකා IOC සමාගම පහත පරිදි ඉන්ධන මිල ගණන් වෙනස් කර ඇත.
LP92 (පෙට්රෝල්)- 204.00
XPE3 (සුපර් පෙට්රෝල්) – 213.00
LAD – (ඩීසල්) – 139.00
XM -(සුපර් ඩීසල්) – 145.00
XP95 – 233.00
LSD – 177.00

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles