අමෙරිකාවෙන් චීනයට යළිත් ජනසංහාර චෝදනා

0
537
Newly confirmed U.S. Secretary of State Antony Blinken addresses reporters during his first press briefing at the State Department in Washington, U.S., January 27, 2021. REUTERS/Carlos Barria/Pool - RC2KGL9NHFT0

චීනයේ සින්ජියැං ප්‍රාන්තයේ උයිගුර්වරුන්ගේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය පිළිබඳ සිය වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ වෙත අවධාරණය කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ යුරෝපීය මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ බව පැවසීය.

චීනය , ප්‍රධාන වශයෙන් මුස්ලිම් උයිගුර්වරුන්ට සහ අනෙකුත් සුළුතර කණ්ඩායම්වලට එරෙහිව ජනසංහාරය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අඛණ්ඩව සිදු කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් එහි තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස් මිචෙල් බැචලේගේ වාර්තාව ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීම සිදුවිය යුතු බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here