Sunday, May 5, 2024

ජනවර්ගය පදනම් කරගත් හේතු මත පකිස්තානයේ සිදුකරන පුද්ගල ඝාතන ඉහළ ගොස් ඇති බව එරට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ එක්සත් කාශ්මීර මහජන ජාතික පක්ෂයේ සභාපති සර්දාර් ෂවුකට් අලි සදහන් කර ඇත්තේ පකිස්තාන පාලනය යටතේ පවතින අසාද් කාශ්මීරයේ ජනවාර්ගික ඝාතන කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ෆැසිස්ට්වාදය සහ අන්තවාදය පකිස්තානය රට තුළ හිස ඔසවමින් ඇති බවත් ජන වර්ග පදනම් කරගෙන සිදුවන ඝාතන ‍ හේතුවෙන් රට අස්ථාවර වී ඇති බවත් ඔහු සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිදහසේ ක‍ටයුතු කිරීමට රටේ අධිකරණයට අවශ්‍යව ඇතත් ඊට නිදහසේ කටයුතු කිරීමට ඇති අවස්ථාව ඇහිරී ඇති බව ද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර පකිස්තානයේ තවත් මානව හිමිකම් සංවිධාන රැසක් සදහන් කර ඇත්තේ තලේබාන් සංවිධානය ද මෙම තත්වයට වගකිය යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles