ඩොලරය 265ක් වෙයි

0
625

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 265 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 265 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබුණා.

පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන් ඩොලරයේ අගය 260 ක් දක්වා මීට පෙර ඉහළ ගියා.

එම බැංකු වල ඇමරිකානු ඩොලර්යේ ගැනුම් මිල සඳහන් වී ඇත්තේ රුපියල් 255.00ක් ලෙසින්.

එමෙන්ම ඔස්ට්‍රෙලියානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 194ක් ලෙසටත්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 348.00ක් ලෙසටත් අද දිනයේ යාවත්කාලීන වී තිබෙනවා.

බොහෝ පෞද්ගලික බැංකු අද දිනය තුළ යුරෝ ඒකකයක් සඳහා විකුණුම් මිල ගණන් තබා තිබුණේ රුපියල් 291.00ක් ලෙසට යි.

එහි ගැනුම් මිල සටහන් වී තිබුණේ රුපියල් 277.00 ලෙසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here