Tuesday, September 24, 2024

පුටින්ට අභියෝග කරන මස්ක්

මුළු ලෝකයේම අවධානය මේ වන විට එලෝන් මස්ක්ගේ ට්විටර් ගිණුම වෙත හිමිව තිබෙනවා.

ඒ ඔහු විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් හට විවෘත අභියෝගයක් කිරීමත් සමඟයි.

තාක්ෂණික දැවැන්තයෙකු මෙන්ම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලෝන් මස්ක්, රුසියානු ජනාධිපතිවරයාට තනි සටනකට ආරාධනා කර තිබෙනවා.

මස්ක් පවසන්නේ ජයග්‍රාහකයා විසින් යුක්‍රේනයේ ඉරණම තීන්දු කරනු ඇති බවයි.

ඔහුගේ මෙම අභියෝගය යුක්‍රේනයේ ද අවධානය හිමිව ඇති අතර යුක්‍රේන අගනුවර වන කිව් හී නගරාධිපතිවරයා වන විටාලි ක්ලිට්ස්කෝ විසින් ද එයට ප්‍රතිචාර දක්වා තිබුණා.

විටාලි ද හිටපු බොක්සිං ශූරයෙකු බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අභියෝගය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා විසින් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

එලෝන් මස්ක් යුක්‍රේනය තුළ රුසියාව සිදුකරන යුධ කටයුතුවලට දැඩි ලෙස විරුද්ධ වූ අයෙකු වන අතර යුක්‍රේනය හදිසි භාවිතය සඳහා සිය ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ද ලබාදෙනු ලැබුවා.

තවද යුක්‍රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි මස්ක් පවසයි.

ඇමරිකන් බිලියනපති මස්ක් මෙසේ පවසා ඇත්තේ සටනට එන්නැයි රුසියන් ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමිනි.

උපතින් දකුණු අප්‍රිකානුවකු වන 50 හැවිරිදි මස්ක් ඇමෙරිකන් පුරවැසියකු වන අතර ඔහු අද ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ඉලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 221 කි.

‘යුක්‍රේන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට, යුක්රේනයේ නිදහස වෙනුවෙන් මා පුටින් සමඟ මුහුණට මුහුණ සටන් කරන්න සූදානම්.මා පුටින් පැරුදුවොත් පුටින්ට සිදුවේවි සිය හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගන්න’ යැයි ඉලොන් මස්ක්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

69 හැවිරිදි පුටින්, හිටපු කේ.ජී.බී. බුද්ධි අංශ නිලධාරියෙකි. ඊට අමතරව පුටින් ලොව ශක්තිමත් නායකයකු ලෙස ද සැලකෙයි. පුටින් ජූඩෝ කළු පටි ශූරයකු වන නමුත් රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන්, ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය පුටින්ගේ කළු පටිය ඉවත් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles