අද (15) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන ප‍්‍රවාහනයෙන් ඉවත්වන බව
ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.
පසුගියදා සිදු වූ ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ඉන්ධන ප‍්‍රවාහන ගාස්තු ඉහළ දමන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලිඛිතව ඉල්ලා ඇතත්, මේ දක්වා ඊට ප‍්‍රතිචාරයක් නොලැබීම, මෙසේ ඉන්ධන ප‍්‍රවාහනයෙන් ඉවත් වීමට හේතුව බව, ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි.
මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසිනි.
අවම තරමින් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ඔවුන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මීට දින දෙකකට පෙර ලිපියක් යොමු කළා.
එයට ප්‍රතිචාර වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පවසා ඇත්තේ ඩීසල් මිල වැඩි වීම පමණක් මිල වැඩි කිරිම සඳහා සලකා බලන බවයි.
කෙසේ වෙතත් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ ඩීසල් වැඩි වීමට අමතරව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම ද සලකා බලා තමන්ගේ ගාස්තු සංශෝධනය කරන ලෙසයි.
කෙසේ වෙතත් එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැහැ.
එමෙන්ම මීට ටික වේලාවකට පෙර නිමා වූ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට දුරකථනය හරහා සම්බන්ධ වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා බලධාරියකු පවසා ඇත්තේ බව්සර් රථ හිමියන් වෙනුවෙන් සිදුකරන ගාස්තු සංශෝධනයන්ද අප්‍රේල් පලවෙනි දින සිට සිදුකරන බවයි.
මේ අතර අද දිනය තුළ කොලොන්නාව ඛනිජ තෙල් නිමාවට පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණා.
මේ හේතුවෙන් අද දිනය තුළ නිකුත් කිරීමට නියමිත ඉන්ධන තොග නිකුත් කිරීමට ද නොහැකි වී ඇති බවත් වාර්තා වනවා.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලට අඛණ්ඩව ඉන්ධන සැපයුම සිදු කෙරෙන අතර තවත් සමහරක් ඉන්ධනහල් වලට එලෙස ඉන්ධන සැපයීමක් නොකෙරෙන බවත් වාර්තා වනවා.