Friday, May 3, 2024

අද සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ අවසන් වී තිබූ බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇති බව වාර්තා වෙයි.

සතියකට ආසන්න කාලයක් මෙම නෞකාව නැංගූරම්ලා ඇති අතර ගෑස් ගොඩබෑම සඳහා තොග නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.

ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ක් පමණ ආනයනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles