ගෑස් නැව් සඳහා මුදල් ගෙවයි

0
330

ගෑස් නැව් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ අද සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු යථාතත්වයට පත්වනු ඇති බවය.

අදාළ නෞකාවලින් ගෑස් තොග ගොඩබෑම අද සිට සිදු කරයි.එමෙන්ම ඉදිරි දින 25කට ප්‍රමාණවත් ඉන්ධන තොග දින 10 තුළ මෙරටට ලැබීමට නියමිත බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 140,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 60,000ක් ඉදිරි සති 2 තුළ මෙරටට ලැබීමට නියමිත බවයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ලබන 21 හෝ 22 වන දා මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here