චීනය ආපසු හැරෙද්දී යුරෝපා සංගමය අප්‍රිකාවේ ආයෝජන වැඩි කරයි.

0
527

චීනය විසින් අප්‍රිකාවේ ආයෝජන අඩුකරද්දී යුරෝපා සංගමය අප්‍රිකානු රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 170 ක ආධාර ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

චීනය අප්‍රිකානු කලාපයේ සැලකිය යුතු ලෙස ආයෝජන දියත් කර ඇතත් කොරෝනා වසංගතයේ ආරම්භයත් සමගම චීනය අප්‍රිකානු ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් සිදුකරමින් එහි ආයෝජන සීමා කර තිබේ.

පෙර වසරවලට සාපේක්ෂව චීනය විසින් අප්‍රිකානු රටවලට ණය ලබාදීම ද සැලකිය යුතු අඩු කර ඇති අතර ඒ අනුව 2016 දී ඇමරිකානු ඩොලර් බිලියන 29.5 ක් වූ කලාපයේ චීන ණය ලබාදීම් 2019 දී ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක් ලෙස අඩුවී ඇත.

මේ පසුබිම තුළ චීනයේ ආක්‍රමණශීලී ආයෝජනවලට එරෙහිව ක‍ටයුතු කරමින් සිටින යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අප්‍රිකානු කලාපය සදහා වන ආධාර සහ ආයෝජන ඉහළ නංවා තිබේ.

මෙහිදී, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මිෂෙල් අප්‍රිකානු නායකයින්ට දැනුම් දී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය සහ හවුල් අවශ්‍යතා යන මූලධර්ම මත සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here