කඩදාසි හිඟය නිසා බස්නාහිර පළාතේ සියලුම පාසල් වාර විභාග කල් දැමේ

0
321

කඩදාසි හා අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් 6,7,8 ශ්‍රේණි වාර විභාග සංශෝධනයටත්, 04,09,10,11 ශ්‍රේණි විභාග අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමටත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවෙි කඩදාසි හිඟය හේතුවෙන් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 09, 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමට සහ හැකිනම් පමණක් ප්‍රාථමික ශ්‍රේණිවල වාර විභාග පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් තිබේ.

කඩදාසි හිඟය හේතුවෙන් මෙවර පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට බාධා පැමිණ ඇති බව ලංකා ගුරු සංගමය ද චෝදනා කළේය.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ මේ හේතුවෙන් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමකින් තොරව ඒවා සංයුක්ත තැටියකට ගබඩා කර විදුහල්පතිවරුන් වෙත ලබාදීමට බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here