ජනපති රට පටලවයි… ජනතාව එළවූ අය නැවත දිව්රුම් දෙයි!

0
486

ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ අතර ඉන් පසු අද දහවල් 11.00 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටියේ අමාත්‍යධුර භාරගෙන කටයුතු කරන්නට පැමිණෙන ලෙසයි.

ඒ අනුව ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යවරයා ලෙසද, මුදල් අමාත්‍ය වරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාද, දිනේෂු ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැති ලෙසත්, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතාද මෙසේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ලැබුවා.

ජනාධිපතිවරයා පවසන්නේ රට පවත්වාගෙන යාමට තාවකාලිකව මෙම පත්වීම් ලබා දුන් බවයි. නමුත් මහාමාර්ග අමාත්‍යයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රමුඛතාව රාජ්‍ය පරිපාලන, වැනි අමාත්‍යංශවලට වඩා ප්‍රමුඛ වන්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here