විමල් හා වාසූගේ සහය ජනපතිටද?

0
682
wimal and wasudewa

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් සමගි ජන බලවේගයට උපදෙස් දුන් බව වාසුදේව නානායක්කාර පවසා ඇත.

ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ යෝග්‍ය නොවන බව ඔවුන්ට හැඟෙන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බල කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා කර යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව වාසුදේව නානායක්කාවර පවසයි.

ජාතික විධායක සභාවක් පිහිටුවීම, ණය සහන කාලයක් සංශෝධනයක් ඉල්ලා සිටීම, වරප්‍රසාද නොලබන කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සහ 21 වැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එම යෝජනාවලට ඇතුළත් බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here