ගුජරාට් ටයිටන්ස් පිලට ලකුණු 37ක ජයක්..

0
681
gt
Rajasthan Royals win during match 20 of the TATA Indian Premier League 2022 (IPL season 15) between the Rajasthan Royals and the Lucknow Super Giants held at the Wankhede stadium in Mumbai on the 10th April 2022 Photo by Deepak Malik / Sportzpics for IPL


අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 37කින්  ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 4 ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 192 ක්. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ හර්ඩික් පාණ්ඩයා පන්දු 52 කදී ලකුණු 87 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්.

ජයග්‍රාහී ලකුණු 193 ක් ලබාගැනීමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 155 ක් පමණයි. වැඩිම ලකුණුලාභියා වූ ජොස් බට්ලර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. හර්ඩික් පාණ්ඩයාට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. තරගය පැවැත්වුණේ මුම්බායි පටිල් ක්‍රීඩාංගණයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here