ජනපති ලේකම් කාර්‍යාලය අලුත් තැනකට..

0
673

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සතියක් පුරා දැවැන්ත ජන අරගල අඛණ්ඩව පැවැත්වෙන බැවින් තාවකාලිකව සියලු නිල රාජකාරී කොටුව පිහිටි ජනාධිපති නිල නිවෙසේ සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ඒ අනුව ජනපති මැදුරේ ඉහළ මාලයේ රැදීී සිටින ජනාධිපතිවරයා එහි පහත මාලයේ නිල රාජකාරි සියල්ලක්ම සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩලය ද මේ වන විට ජනපති මැදුරේ පහත මාලයේ ස්ථානගතව ඒ ඒ රාජකාරීන් සිදු කරන බව දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here