හම්බන්තොට සම සභාපති ධූරයෙන් චමල් විසිවෙයි – අමරවීරට හිමිවෙයි

0
356

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරයෙන් හිටපු කථානායක හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සන්ධානයේ මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා ඉවත් කර ඇත.

ඒ වෙනුවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පත්කොට ඇත. නව සම සභාපති මහින්ද අමරවීර හා ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 18 දා හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම පැවැත්වුණි.

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විඡේලාල් ද සිල්වා මහතාද මෙම සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයෙක් ලෙස කටයුතු කරනවා. යහපාලනය යටතේත් චමල් රාජපක්‍ෂ මහතා සම්බන්ධීකරණ කිමිටු රැස්‌වීම් දෙකක සම සභාපතිධුරය දැරුවා. කෙසේ නෞම්ත්, සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරය දරමින් ඒකාබද්ධය සංවිධානය කරන ලද මැයි රැලියට හා විරෝධතාවලට ද ඔහු පසුගිය කාලයේ එක්‌වුණා. නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව තංගල්ලේ පැවැති විරෝධතාවයටද චමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා එක්‌ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here