Tuesday, May 21, 2024

ලෝක බැංකුවේ පූර්ණ සහාය ලංකාවට

ශ්‍රීලංකාවට තවදුරටත් පූර්ණ සහයෝගය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහව් මහත්මිය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සාර්ථකව ආර්ථික අභියෝග ජයගනිමින් ඉදිරියට ගමන්කරමින් සිටින බව ලෝක බැංකු අධ්‍යක්ෂකවරිය මෙහිදී පවසා ඇත.

ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තබා ඇති විශ්වාසනීයභාවය ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට ඉමහත් ශක්තියක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී පවසා තිබේ.

රිඩ්ඩිහව් මහත්මිය අගෝස්තු මස සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ “ක්‍රමෝපාය නගර සංවර්ධන ව්‍යාපෘතිය”සඳහා ලෝක බැංකුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණය ආධාරයක් ප්‍රදානය කර  තිබේ.

ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ද මුදල් අමාත්‍යංශයේදී සිදුවූ බව වාර්තා වේ.

මෙම ණය ආධාර මගින් යාපනය ක්‍රමෝපාය නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles