Friday, May 17, 2024

පිච්ච මල් පූජාවට අනුරපුර යන්න විශේෂ දුම්රිය සේවා..

වාර්ෂික පිච්ච මල් පූජාව සඳහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලබන 23 සහ 24 යන දිනවලදී මෙම දුම්රියන් ධාවනය කිරීමට නියමිතය.

එළඹෙන 27 වන වාර්ෂික පිච්චමල් පූජාව ලබන 23 වන දින අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා සහභාගී වන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය 04ක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව 23 වන දින කොළඹ කොටුවෙන් පෙරවරු 7.10ට සහ 7.55ට අනුරාධපුරය බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිත අතර 24 වන දින අනුරාධපුරයෙන් පෙරවරු 1.40ට සහ පෙරවරු 9.30ට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles