Tuesday, April 30, 2024

රාජපක්ෂ පාලනයේ සමයේ බිහිවූ- නොරොච්චොලේ කරච්චල් වෙයි

නොරොච්චෝලේ තාප බලාගාරයෙන් ඉවත් කරන ගල් අගුරු කුඩු හා අළු නිසා අවට ගොවිබිම්වලට, නිවාසවලට හානි පැමිණ සිදු වී ඈති බවත් පවුල් 300ක් පමණ ඉන් අසරණ වී ඇතිබවත් වාර්තා වේ.

මේ ගල් අඟුරු කුඩු හා අළු මුහුද ආසන්නයේ ගොඩ ගසා ඇති නිසා ඒවා වාරකන් කාලයටමුහුදු සුළං සමග ගොඩබිමට බිම දිසාවට ගසාගෙන එන බව ප්‍රදේශ වාසී හු කියති.

මේ නිසා තම කෑමවලට පවා අසීරුවී ඇති බවත් තම දරුවන්ගේ පාසල් ඇදුම් වේලා ගැනීමටපවා නොහැකි වී ඇති බවත් බලාගාරය හදන විට මේ තත්වයන් වළක්වා ගැනීමට විවිධ ක්‍රමමෙම ව්‍යාපෘතියේ අඩංගුවී තිබු නමුත් ඒවා බලධාරින් නිසි ලෙස ක්‍රියාත්මක නොකීරීම නිසාමේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවත් ජනතව පෙන්වා දෙති.

තම වගාවන් දිනෙන් දින හානි වන බවත් මේ තත්වයට ඡලය ඉසීම, වැලි දැමීම වැනිතාවකාලික ක්‍රම භාවිතා නොකොට ස්ථීර විසඳුමක් නොලැබුණුහොත් ගම්වාසී විවිධ රෝගාබාධකවලට ලක්වී මිය යනු ඇති බවත් ඔව්හු කියති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles