ජලය රකින්න ඉන්දියාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

0
375

ලෝක ජනගහනයෙන් සියයට 18 ක පිරිසක් ඉන්දියාවේ වාසය කරන නමුත් ලෝකයේ පුනර්ජනනීය ජල සම්පතෙන් එහි ඇත්තේ සියයට 4ක්වීම නිසා ජල සංරක්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් රටේ ජල සම්පත් වඩා හොඳින් කළමනාකරණය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව එරට වාර්තා කියයි.

ඒ අනුව ජල පාලනය සිය ප්‍රමුඛතාවය කර ගැනීම සඳහා ඉන්දීය රජය පියවර කිහිපයක් ගෙන ඇති අතර ජල සම්පත් සඳහා විශේෂිත අමාත්‍යාංශ ද නිර්මාණය කර තිබේ.

එහිදී ජල සංරක්ෂණයේ වැදගත්කම අවබෝධ කර ගනිමින් ජල ශක්ති අමාත්‍යාංශය 2019 දී නිර්මාණය කරන ලැබ ඇති අතර එහි අරමුණ වන්නේ වඩා හොඳ ජල කළමනාකරණයක් සහතික කිරීම සහ රටේ සෑම පුරවැසියෙකුටම පිරිසිදු පානීය ජලය ලබා දීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here