ලෝක ප්‍රකට මොනාලීසා සිතුවමට හානි කරයි…

0
702

ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගනිමින් රෝද පුටුවකින්, ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයට ඇතුළු වුණු පිරිමි පුද්ගලයෙක්, එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති ‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට උත්සාහ කර ඇත.

ලියනාඩෝ ඩාවින්සිගේ විසින් සිතුවම් කරනු ලැබූ, මිල කළ නොහැකි, අති විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස ‘මොනාලීසා’ සිතුවම සැලකිය හැකිය. මෙය ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ අති විශේෂ, බිදිය නොහැකි වෙඩි නොවදින වීදුරු රාමුවක් තුළය.

ආබාධිත මහලු කාන්තාවක සේ කෞතුකාගාරයට ඇතුළු වුණු එම පිරිමි පුද්ගලයා මොනලීසා සිතුවම නරඹමින් සිටි පිරිස පුදුම කරමින්, රෝද පුටුවෙන් පැන සිතුවමේ අයිසිං කේක් තවරා ඇත.

වීදුරු ආවරණයක් මතුපිටින් ඇති බැවින්, සිතුවමට කිසිදු ආකාරයක හානියක් සිදු නොවුණු අතර, සිතුවමට හානි සිදු කිරීමට උත්සාහ කළ එම තැනැත්තා කෞතුකාගාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පැරිස් පොලිසියට බාර දෙනු ලැබුණි.

සිදු කළ විමර්ශනවලින් පසු පොලිසිය පවසා ඇත්තේ එය අවදානය දිනා ගැනීමට ගත් උත්සාහයක් බවය. ‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට ගත් එම උත්සාහයට, සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රසිද්ධියක් ද ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here