ඉන්දියාව තුර්කිය අතර වාණිජ සබඳතා ඉහළට

0
439

ඉන්දියාව සහ තුර්කිය පසුගියදා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් පවත්වා ඇති අතර 2021-2022 දී ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 10 ඉක්මවා ඇති බව එහිදී හෙළිවී තිබේ.

ඉන්දියා-තුර්කි විදේශ කාර්යාල උපදේශන එකොළොස්වන සැසිවාරය අන්කාරා හිදී පැවැත්වූ අතර, විදේශ කටයුතු අමාත්‍ය ලේකම් සංජය වර්මා, විදේශ කාර්යාල උපදේශන සඳහා වූ ඉන්දීය නියෝජිත පිරිසට නායකත්වය දුන්නේය.

උපදේශන අතරතුර, යුක්රේනය සහ ඉන්දු-පැසිෆික් කලාපය ඇතුළු ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ ගෝලීය ගැටළු පිළිබඳව දෙරටේම අදහස් හුවමාරු වී තිබේ.

ඉන්දියානු සමාගම් තුර්කියේ මෝටර් රථ, ඖෂධ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල නියැලි සිටින බවත් තුර්කියේ සමාගම් ඉන්දියාවේ යටිතල පහසුකම් සහ ඉංජිනේරු අංශවල අවස්ථා බලාපොරොත්තුවෙන් සිටින බවත් නිකුත් කල නිවේදනයක සදහන් වේ.

දෙපාර්ශ්වයම තවදුරටත් ආර්ථික, සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමට මෙහිදී එකඟ වී තිබේ.

75 වසරක ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීමට ද ඔවුහු එහිදී එකඟ වී ඇති අතර දෙපාර්ශ්වය විසින් තවත් බහුපාර්ශ්වික කරුණු කිහිපයක් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here