ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන්ට වෙඩි

0
326
A Taliban fighter guards a street in Kabul, Afghanistan, December 16, 2021. REUTERS/Ali Khara - RC2KFR9ZOSXO

ඇෆ්ගනිස්ථානයේ බල්කාබ්හි සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීම් පිළිබඳ වාර්තා ඇෆ්ගනිස්ථාන ස්වාධීන මානව හිමිකම් කොමිසම විසින් සනාථ කර තිබේ.

තලේබාන් සාමාජිකයන්, බල්කාබ් දිස්ත්‍රික්කයේ දියත් කළ ප්‍රහාරයෙන් මහජනතාව සහ සිරකරුවන් මරා දැමූ අතර ජනතාව අවතැන් වී සිටිති.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වන ඇෆ්ගනිස්ථාන ඉන්ටර්නැෂනල් ට්විටර් සටහනක් මගින් පැවසූයේ තලේබාන්වරුන් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකදී සිවිල් වැසියන් සහ සිරකරුවන් මරා දැමූ බව ඇෆ්ගනිස්ථාන ස්වාධීන මානව හිමිකම් කොමිසම සනාථ කර ඇති බවයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගත් දා සිට, එහි ජනතාව විශේෂයෙන් කාන්තාවන්ට එරෙහි හිංසනයන් දිගටම සිදුවෙමින් පවතී.

තලේබාන් සංවිධානය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කරන නීති කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර නවතම නීතියකට අනුව , තලේබාන් හමුදා සාප්පු හිමියන්ට අනතුරු අගවා ඇත්තේ පිරිමි භාරකරුවෙකු නොමැතිව කාන්තාවන්ට තම වෙළඳසැල් තුළට යාමට ඉඩ නොදෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here