චීන ජාතිකයන් ලක්ෂ හයක් සරණාගතභාවය ඉල්ලා ඇතැයි වාර්තා

0
348

වත්මන් චීනයේ මර්දනකාරී ප්‍රතිපත්ති හේතුවෙන් චීන ජාතිකයින් 6,00,000 කට වැඩි පිරිසක් විවිධ රටවලින් සරණාගතභාවය ඉල්ලා ඇති බව සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාල වාර්තා හෙළිකරයි.

විශේෂයෙන් වත්මන් ජනාධිපති ෂී ජින් පින් බලයට පත් වූ දා සිට මෙම තත්වය මතුව ඇති බව ද පැවසේ.

සාමාන්‍ය පුද්ගලයන්ට අමතරව Alibaba, Tencent, සහ Didi ඇතුළු තාක්ෂණික දැවැන්තයින් ද ගැටළු රාශියක් සම්බන්ධයෙන් විමර්ශන මාලාවකට මුහුණ දී සිටින බව හොංකොං පෝස්ට් සදහන් කරයි.

වර්තමානයේ චීනයේ ධනවත්ම කාන්තාව ලෙස ද හඳුන්වන යෑන් හුයියාන්, යුරෝපා සංගමයේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමෙන් සයිප්‍රසයේ “රන් විදේශ ගමන් බලපත්‍රයක්” ලබාගෙන ඇති බව ද පැවසේ.

මානව හිමිකම් ක‍්‍රියාකාරීන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහය දක්වන ඕනෑම අයෙකු චීන රජය විසින් නිරන්තරයෙන් ඉලක්ක කර ඇති බව ද අදාළ වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here