චීනය තුල කාන්තා හිංසනය ඉහළට

0
371
Released balloons are pictured near a Chinese flag during a military parade marking the 70th anniversary of the end of World War Two, at Tiananmen Square in Beijing, China, September 3, 2015. Xi announced on Thursday he would cut troop levels by 300,000 as China held its biggest display of military might in a parade to commemorate victory over Japan in World War Two, an event shunned by most Western leaders. REUTERS/Rolex Dela Pena/Pool

චීනය තුල කාන්තාවන්ට එරෙහිව දිනෙන් දින ඉහළ යමින් තිබෙන හිංසනය සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ අවධානය මේ වන විට යොමුව ඇති බව වාර්තා වෙයි.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ලවී ඇති බරපතල තත්ත්වය හේතුවෙන් චීනය තුල මේ වන විට දැඩි කතාබහක් මතුව ඇත.

මේ අතර ඉකුත් ජනවාරි මාසයේදී දරුවන් 08 දෙනෙකුගෙන් යුත් මවක් දම්වැල් යොදා ගැට ගසා තිබෙන අයුරු දැක්වෙන ජායාරූපයක් එරට සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වෙමින් තිබුණා.

මේ අතර කාන්තාවන් පිරිසකට ආපන ශාලාවක් තුලදී පුද්ගලයෙකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද චීනයේ සමාජ ජාලා තුල හුවමාරු විය.

මෙම සිදුවීම් දෙක චීනයේ සමාජ මාධ්‍ය තුල දැඩි උණුසුමක් මතුවූ අතර දෛනිකව චීන ජන සමාජය තුල කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති හිංසනයන් ඉහළ යමින් පවතී.

පුරුෂාධිපත්‍යයෙන් බහුල චීනය තුල කාන්තාවන් සිය දායකත්වය ලබාදීම ප්‍රශංසනීය වුවත්, කාන්තාවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විසඳුම් සෙවීමට චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් ගතවන විටත් නොහැකිව ඇතැයි විචාරකයන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here